.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

මං අද ඔයාලට කියල දෙන්නේ WINDOWS 7 ORIGINAL CD එක හදුනා ගන්නා විදිහයි

මං අද ඔයාලට කියල දෙන්නේ WINDOWS 7 ORIGINAL CD එක හදුනා ගන්නා විදිහයි ........

ව්‍යාජ විදිහට නිපදවල තියන Windows CD හෝ DVD ද පෙනුමෙන් සත්‍ය ඒවාට සමාන වගේම තමයි මචන්ලා.එත් Microsoft Software වල සිල්ලරට විකුණන Copies වල CD එක උඩ(වෙනම ස්ටිකරයක් නෙමේයි)අදාල හෙලෝග්‍රෑමය මුද්‍රණය කරලා තියනවා.ඒ වගේම
Certificate of Authenticity ස්ටිකරයක් Package එකෙත් නිෂ්පාදන කේතය තියෙන තැඹිලි පාට ලේබලයක් Disk Case එකෙත් අලවල තියනවා.


Original 7 එකේ ඉස්සරහ පැත්තේ මේවා තියනවා මචන්ලා............

*පැහැදිලි,රැලි සහිත පිටත දාරයක් තියන තඹ හෙලෝග්‍රෑමයක් හා/හෝ ඩිස්කයේ පිටත සිමාවේ දී ක්‍රමක් ක්‍රමිකව රිදී පාටට හැරෙන පිහාටු වගේ අවසානයක්.

*වින්ඩෝස් ලෝගොවේ ඉහල වීභේදනයක් තියන ත්‍රිමාණ හෙලෝග්‍රෑමයක්.ඩිස්කය ඇල කරනකොට එකේ තියන කොඩිය හෙලවෙන්නට ගන්නවා.

*ඩිස්කයේ යට ආරක්ෂණ ලේබලයක්.ඩිස්කය ඇල කරන විට එහි ඇති Microsoft යන වචනය GENUINE ලෙස වෙනස් වෙනවා.

ඩිස්කයේ යට පැත්තේ ඇතුළු පටියේ Microsoft සහ GENUINE යන වචන තියන හෙලෝග්‍රෑමයක් තියනවා.

වින්ඩෝස් ව්‍යාජ පිටපත් කෝයි වගේද කියල www.microsoft.com/howtotell/වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.ඔබේ Computer එකේ Install කරලා තියන වින්ඩෝස් පිටපත නිර්ව්‍යාජ එකක්ද කියල ඒ වෙබ් සයිටි එකේ තියන "Windows Genuine Advantage" Validation Tool එක Run කරලා දැන ගන්න පුළුවන් මචන්ලා.

ව්‍යාජ වින්ඩෝස් පිටපත් ගොඩක් වෙලාවට Computer එක මිලදී ගන්නකොටම එහි Install කරල තියනවා.ඇතැම් කුට ව්‍යාපාරිකයින් ඒවා විවිධ ක්‍රම වලින් අලෙවි කරනව බන්.එකක් මිලදී ගැනීමෙන් වැළකෙන්න පුළුවන් එකම විදිහ අනුමත Microsoft අලෙවි නියෝජිතයෙකුගෙන්ම Windows 7 පිටපත මිලදී ගැනීමම තමි යාලුවනේ...........

මචන්ලා,තවත් හොද හොද ඒවා ඉස්සරහට දෙන්නම්.OK...........................

No comments:

Help World