.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

මැරුණු CD වලට පණදෙන්න

මැරුණු CD වලට පණදෙන්න | වැඩකරන්නේ නැති CD/DVD වල තියෙන තොරතුරු නැවත ලබා ගන්න

සංයුක්ත තැටියක ගබඩා කරල ගොඩක් කාලයක් තියාගන්න කියලා write කරපු CD/DVD අවාසනාවන්ත විදිහට ක්‍රියාත්මක කරන්නේ නැතිව යාමේ පාඩුව ගොඩක් අය විදවලා තියෙනවනේ. කොටින්ම කීවොත් මාත් ඔය දුක විදලා තියෙනවා. වැදගත් ලියකියවිලි, ගීත හා video clips වගේම සැමරුම් ඡායාරූප යනාදිය තොග පිටින් වැනසෙන්නට හේතුවෙන් 'සීඩී ට්රෑෂ් (CD Trash)' එකකින් වැළකෙන්නට පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.

CD තැටියක් අකර්මන්‍ය වී තියෙනකොට ඒක යතා තත්වයට ගෙන එන්න කරන්න පුලුවන් අපේ වචනෙන් කීවොත් 'ගොඩ වෙදකම්' මුලින්ම කරන එක තමයි හොඳ. CD තැටියේ දිලිසෙන 
පැත්ත මෙවත් කියවීම් තලය (graphic layer side) පැත්ත හොඳින් බලන්න. ඒක පොඩ්ඩක් අතගාල බලන්න. දැන් ඒකේ තියෙන්න ඕනි සිනිදු ගතිය නැතිව ගිහිල්ලනම් ප්‍රශ්ණය තියෙන්නේ එතනයි. ඒකට ඒක මැදල සුමට නැත්නම් සිනිදු කරන්න ඕනි.

CD මැදීම සඳහා පිත්තල ඔබ දාන දියර හෝ සාමාන්‍ය දන්තාලේප හෝ යොදා ගන්නට පුලුවන්. ඒ වගේම ඇස්කණ්නාඩි පිරිසිඳු කරන දියර, ඕඩිකොලෝන්, මද්‍යසාර වුනත් යොදාගන්න පුලුවන්. හැබැයි සෙන්ට් (සුවඳ විලවුන්) නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා CD එකේ මතුපිටට තවත් හානි වෙන්න පුලුවන්. මීට අමතරව CD එකේ මතුපිට තට්ටුවේ ඇති සියුම් හානි නැත්නම් අපේ වචනෙන් කීවොත් වල-ගොඩැලි පුරවා දැමීමෙන්ද ඒක ක්‍රියාත්මක තත්වයට ගෙන එන්න පුලුවන්. ඒ සඳහා අවර්ණ සපත්තු පොලිෂ් (Clear shoe polish) ස්වල්පයක් වුවත් යොදාගන්නට පුලුවන්. ඒත් වෙනත් වැක්ස් වර්ග භාවිතා කරන්න එපා. ඒව CD drive එකේ බැඳිල හානි වෙන්න පුලුවන්.

මේ විදිහට CD එකේ මතුපිට මැඳීමේදී ඒක කරන්න ඕනි ක්‍රමයක් තියෙනවා.

•. තැටියේ හරස් අතට නොමැදිය යුතුය. එය කල යුත්තේ ඇතුළත සිට පිටතට වලයාකාරවය. ඒ කියන්නේ තැටියේ මැද ඉදන් රවුමටයි. තැටිය මැදීමේදී සමාන තෙරපුමකින් ඒක කරන්න ඕනි. එය ඕනෑවට වඩා වැඩි කරොත් තැටිය තියෙනවාටත් වඩා පලුදු වෙනවා.

•. තැටිය මැදීමට භාවිතා කළ යුත්තේ ඉතා සියුම් මතුපිටක් ඇති රෙදි කඩකි. ෆ්ලැනල් රෙදි හෝ ස්පොන්ජ් කැබැල්ලක් ඉතා හොඳය. බුරුසු පාවිච්චි නොකළ යුතුය.

•. තැටිය මැදීමනේ පසු තවත් ඉතා පිරිසිදු රෙදි කඩකින් එය පිසදමා, මැදීමට භාවිතා කල ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කල යුතුය. ෂැම්පු යොදා ගැනීමද හොඳය. ඒ තැටිය මත ඇති සියුම් කෙඳි හෝ දූවිලි හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමටය.

මේ කටයුතු වලින් පස්සෙත් CD එක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෘද්‍රකාංග වල පිහිට පතන්න සිද්ද වෙනවා. මේවා Internet එකෙන් නොමිලේ download කරගන්න පුලුවන්.

ISO බස්ටර් (www.smart-projects.net/cdrecovery.php)
මිනිටූල් පවර් ඩේටා රීකවරි (www.powerdatarecovery.com)
බෑඩ්කොපිප්‍රෝ (www.jufsoft.com/badcopy /cd_recovery.asp)
සීඩීචෙක් (www.kvi pu.com/CDCheck)

ඉහත සඳහන් ඒවා නොමිලේ ලබාදෙන මෘද්‍රකාංග කීපයකි. මින් එකක් පරිගණකයට install කර ගැනීමෙන් පස්සේ, සාමාන්‍ය පරිදි CD එක පරිගණකයට ඇතුලු කොට එහි ඇති මෘද්‍රකාංග දෝෂ මඟ හරවා තොරතුරු ලබා ගන්න පුලුවන්.

දැනට හොඳින් ක්‍රියාත්මක වන සංයුක්ත තැටි මෙසේ අභාවයට යා නොදී රැක ගන්නට වැඩ කිරීමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ සඳහා අනුගමනය කල යුතු වත් පිලිවත්ද කීපයක් තියෙනවා.

නිතරම CD එක පිරිසිදු කරන්න. ඒ සඳහා සිල්ක් රෙද්දක් තෝරා ගන්න. එසේ නොමැති වුවහොත් රෙද්දේ ඇති නූල් කැබැලි CD එක මත තැන්පතත් විය හැකි බැවිනි. හැමවිටම CD පිරිසිදුව අහුරන්න. කිසිවිටෙකත් එය කඩදාසියක් විදිහට මැදින් අල්ලන්න එපා. එහි මැද ඇති සිදුරට මැදගිල්ල දමා මැපටගිල්ලෙන් CD දාරය අල්ලා ඒවා හැසරිවීමට පුරුදු වෙන්න. එසේ නොකලහොත් අතේ ඇති තෙල් හා දූවිලි ඇඟිලි සළකුණු සේ එහි සටහන් වීමෙන් CD එක ක්‍රියාත්මක වීම නතරවෙයි. CD අක්ර්මණ්‍ය වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි මේ විදිහට අනවශ්‍ය පරිදි එහි ග්‍රැෆික් තලය මත 'ඇගලි සළකුණු' තබන එක.

CD player එකේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි නැති නිසාද CD නරක් වෙනවා. ඒකෙ පංගුව 15%ක්. මේ නිසා නිතරම වාගේ CD player එක පිරිසිදු කරන්න ඕනි. එහි දූවිලි නිසා CD එක මතුපිට සීරීම් ඇතිවීම් වලක්වා ගන්න පුලුවන් එතකොටයි. ඒ වගේම Disk player එකේ ලෙන්ස් (lens) ද පිරිසිදු කරන්න.

සීරී ගිය හෝ කඩතොලු වූ වූ CD ඔබ දමා කලින් තත්වයට පත් කරන යන්ත්‍රද තියෙනවා. මේවායින් බොහෝ සේ නරක් වුනු CD උනත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට සකසා ගන්න පුලුවන්.

එහෙනං මම ගියා. මොකුත් අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ. වැඩක් උනා කියල හිතෙනවනං කමෙන්ට් පාරක් දාලම යන්න

No comments:

Help World