.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 1, 2012

Huawei E153 ඩොන්ගල් එක අන්ලොක් කරමුද?

ආයුබෝවන්....... 
කොහොමද ඉතින් යාලුවනේ. අදත් මේ පැත්තට ඔලුව දාලා යන්න හිතුනා. අද මම ඔයාලට කියන්න යන්නෙ තවත් සුපිරි වැඩක් ගැන. ඔයාල දන්නවනේ Huawei E153 Dongle ගැන. අර ලගදි 2900 ට ඩයලොග් එකෙන් ඩොන්ගල් දුන්නෙ. අන්න ඒ ඩොන්ගල් එක Huawei E153 වර්ගෙ. ඩයලොග් විතරක් නෙවෙයි වෙන වෙන වර්ගෙත් තියනවා Huawei E153 ඩොන්ගල්. අන්න එයින් ඩොන්ගල් එකක් අන්ලොක් කරන විධිය තමයි මම අද ඔයාලට කියන්නෙ.මේක ඉතින් මහ දෙයක් නෙවෙයි.හා හා ඇති කයිය ගැහුවා.දැන් ඉතින් වැඩේට බහිමු. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.මේක කරද්දි UPS එකක් තියන කොම් එකක් හරි Laptop එකක් හරි භාවිතා කරොත් හොදයි.නැත්නම් මේක කරන වෙලාවේ කරැමෙටවත් Current එක ගියොත් ඩොන්ගල් එකට බඩුම තමයි.


මේකත් කිවුවොත් හොදයි කියල හිතුනා. Dongle එක Unlock කරාම වගකීම් සහතිකය අහෝසි වෙනවා.

හරිඑහෙනම් දැන් වැඩේට බහිමුකෝ. මම ඔය පල්ලෙහා කියල තියන විධියට වැඩ ටික කරන් යන්නකෝ.

( 01) මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලගන්න, Notepad වල Save කරගන්න...ඔය පල්ලෙහා පින්තූරෙ තියෙනවා Dongle එකේ IMEI නම්බරේ තියන තැන.

(02) දැන් Modem එකේ Flash Code එකයි. Unlock Code එකයි හොයාගන්න ඕනේ......
ඒක හොයාගන්නෙ මෙහෙමයි.
http://www.bb5.at/huawei.php?imei****************

මෙතන * සලකුනු තියෙන නැතට ඔයාගේ ඩොන්ගල් එකේ IMEI නම්බර් එක යොදාගෙන. ඒක Web address එකක් ගහන විධියට ගහන්න.ඒ කිවුවෙ ඔයාගෙ Web Browser එකේ Address Bar එකේ ගහල Enter කරන්න.

(03) දැන් ඔයාට ලැබෙන Unlock Code එකයි Flash Code එකයි Notepad එකට Copy කරලා තියාගන්න.
(04) හා දැන් මේ ටික බා ගන්නකෝ..................

Huawei E153 Firmware Update
http://www.mediafire.com/error.php?errno=378&quickkey=7bb1sdcanhfoc8m

HUAWEI MODEM Code Writer
http://www.mediafire.com/?a6fxckp2q6juseu

(05) දැන් Download කරගත්තු Firmware Update එක Run කරන්න.... ඊට පස්සේ ඔයාගෙන් Flash Code එක අහයි. එතනට අපි කලින් Notepad එකට Copy කර තබාගත් Flash Code එක ලබාදෙන්න.

(06) දැන් Huawei Modem Code Writer එක Run කරන්න.......

දැන් මෙහි Detect බොත්තම ඔබන්න, Select Com Port තොරා, Accept බොත්තම ඔබන්න.

මෘදුකාංගය ආරම්භයේදී ලැබුනු Windows එකට ඔබ නැවත ලැබෙනවා එහි පහතින් ඇති Unlock Modem බොත්තම ඔබන්න,

අවසාන පියවර Ok බොත්තම ඔබන්න.

දැන් ඔයාට Message එකක් දකින්න පුළුවන් වෙයි Unlocked කියලා.......

දැන් වැඩේ ඉවරයි. ඔයාට කැමති සිම් එකක් දාලා ඉන්ටනෙට් කනෙක්ට් කරන්න පුලුවන්.

එහෙනම් මම අදට යනවා. මේ ගැන ඔයාල හිතන දේ කියල කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

එ‍හෙනම් හැමෝටම සුබ දවසක්............................

No comments:

Help World