.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

අවුලක් නැතුව හාඩ් එකක් කොපි කරමු




අවුලක් නැතුව හාඩ් එකක් කොපි කරමු








පරිගනක දෘඩාංග සම්බන්දයෙන් වැඩ කරන අය ලග තිබිය යුතුම මෘදුකාංගයක් තමයි Symantec Ghost කියන්නෙ. ඉතින් ඔයාල බලයි මේකෙන් මොකක්ද කරන්න පුලුවන් කියලා අපිට පුලුවන් මේ මෘදුකාංගය භාවිතා කරලා හාඩ් ඩිස්ක් එකක් තියන සියලුම දත්තයන් තවත් හාඩ් ඩිස්ක් එකක්ට කිසිම වෙනසක් නැතුව කොපි කරගන්න. අපි මේකට කියන්නේ clone කරනව කියලා.


තව පැහැදිලි කරන්නම් පරිගනකයකට මෙහෙයුම් පද්දතියක් ස්තාපනය කරනවා. ඊලගට ඒ මෙහෙයුම් පද්දතියට අදාලව drivers ස්තාපනය කරනව. අපිට බාවිතා කරන්න් අවශයය වන සියලුම මෘදුකාංග ස්තාපනය කරනවා. ඉතින් අවසානයේ හොද ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගනකයක් අපට ලැබෙනවා ඉතින් මේ ආකාරයෙන් හැම දේම ඉවර කරන්න අපිට අඩුම තරමින් පැය 2ක් වත් ගතවෙනවා. ඉතින් ඒ අතර වෙන වෙන මෘදුකාංග ගැටලු මතු උනොත් තවත් කාලය ගත වෙනවා හරි, මේ වගේ පරිගනක 5ක් දවසකට හදන්න තියනවා නම් අපි මේ මුලින් කියපු හැමදේම පස් වතාවක් කරන්න ඕනේ. අපරදේ කාලය  ගතවෙන වැඩක් නේද? මන් මෙ කියන්න් යන මෘදුකාංගයෙන් ඒ වැඩේ අඩුම කාලයකින් කිසි අවුලක් නැතුව කරගන්න පුලුවන්. 

අපිය ඕනේ වෙන්නෙ සියලුම මෘදුකාංග ස්තාපනය කල 100% වැඩ කරන හාඩ් ඩිස්ක් එකක් හා Symantec Ghost  මෘදුකාංගය පමනයි. 

ගෝස්ට් බාගන්න

ඉතින් මේක බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න. ඊලගට හොදින් වැඩ කරන හාඩ් ඩිස්ක් එකත් පරිගනකයට සම්බන්ද කරගන්න. අපි මුලින්ම ගෝස්ට් ඉමේජ් එකක් හදා ගන්නා ආකරය බලමු 

මේකයි මේ මෘදුකාංගය ඕපන් කලාම එන වින්ඩෝ එක. ඉතින් අපිට පුලුවන් මේ මැසේජ් එක ඕකේ කරලා ඊලගට කොටසට යන්න. 

local > disk > to Image කියන පාරේ ගියාම අපිට පුලුවන් අලුත් ඉමේජ් එකක් හදා ගන්න. 
මෙතනදි අපිට කොපි කරගන්න ඕනේ හාඩ් ඩිස්ක් එක තෝරන්න එනවා. අදාල හාඩ් ඩිස්ක් එක තෝරලා ඕකේ කරන්න. ඊලගට අපි කොපි කරගන්න යන ඉමේජ් එක සේවු කරන්නෙ කොහෙටද කියලා අහනවා එතනදි ඔයාලට කැමති ස්තානයක් තෝරලා දෙන්න් පුලුවන්. 
ඊලගට ලැබෙන්නේ කොපි කරන අතර දාරිතාවය අඩු කරන්නද කියල අහන පනිවිඩය ඉතින් මේකට High යනාදී වශයෙන් ලබා දෙන්න. 
ඉන්පඩු ඉමේජය කොපි වීම ආරම්බ වෙනවා. විනාඩි 10 වගේ අඩු කාලයකදී ඉමේජය කොපි වී සම්පූර්න වෙනවා. ඉතින් ඊලගට තියෙන්නෙ මේ හදාගත් ඉමේජය වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන එකයි. ඒකත් හරිම ලේසියි. මුලින්ම ගෝස්ට් මෘදුකාංගය ඕපන් කරගන්න 
අපිට මේ සදහා පහත මාර්ගය අනුගමනය කරන්න පුලුවන්.. 
Local > Disk > From Image 
මෙතනදි අපි කලින් හදා ගත්ත ඉමේජ් එක සේවු කරගත්ත තැන තෝරලා දෙන්න ඕනේ. 

ඊලගට කොපි කරගන්න ඕනේ ඉමේජ් එක 100% වෙනකන් කොපි වෙනව. හැබෙයි විනඩි 5ක් වත් යන්නෙ නෑ. කලින් පැය ගානක් තිස්සේ ස්තාපනය කරපු මෙහෙයුම් පද්ද්තිය ඩ්‍රයිවර්ස් සියලුම මෘදුකාංග සියල්ලම  එක්ක අඩුම කාලෙකින් වැඩේ කෙරෙනවා ඉතින් මේ හදාගත්ත ඉමේජ් එක තියනකන් හාඩ් ඩිස්ක් 1000 කට උනත් බය නැතුව ගහන්න පුලුවන්. 


No comments:

Help World