.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, September 7, 2012

Windows Registry එකෙන්, පරිගණකයේ install කර ඇති Software වල Serial Keys ලබාගමු


Windows Registry එකෙන්, පරිගණකයේ install කර ඇති Software වල Serial Keys ලබාගමු.


සමහර විට ඔබ නොදන්නවා ඇති, Windows Registry එකෙන් පරිගණකයේ install කර ඇති සියලුම softwares වල serial keys ලබාගන්න පුළුවන් බව. ඔවු බොහොම පහසුවෙන් අපිට ඒ දෙය කරන්න පුළුවන්. Windows Registry එකට ගිහින් ඒක ඇතුලේ හිරවෙලා කට්ටක් කන්න ඕනේ නැහැ. ඒ වගේම නොදැන windows registry එක ඇතුලේ සැරි සරන එක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් අද මම දෙන්න යන්නේ පොඩි software එකක්. එය බාවිතා කරලා ඔබට පුළුවන් බොහොම පහසුවෙන්, කිසිම ගින්නක් නැතිව පරිගණකයේ install කර ඇති ඕනෑම මෘදුකාංගයක serial keys  හොයාගන්න.
අපි මෙහෙම හිතමු. ඔබේ පරිගණකයේ Microsoft Office install කරලා තියෙනවා. ඔබ install කරලා තිබ්බට ඔබේ serial key එක ඔබ නැති කරගෙන. හදිසියේ ඔබට ඔබේ පරිගණකය format කරන්න හෝ යම් හේතුවක් නිසා නැවත Microsoft Office uninstall කරලා ආයේ install කරන්න ඕනේ උනොත්, ඔබ මොකද කරන්නේ.? ඔන්න ඔතනදි තමයි මම මේ කතා කරන මාතෘකාව වැදගත් වෙන්නේ.
ඉතින් මෙතැනදී අපිට පුළුවන් License Crawler කියන software එක බාවිතා කරන්න. පහත දී තිබෙන්නේ එහි රූප සටහනක්. එය හරිම සරල මෘදුකාංගයක්.
“Localhost” හා “HKEY_LOCAL_MACHINE” යන්න default registry locations ලෙස දී තිබෙන අතර දෙවෙනියට තියෙන drop down box එකෙන් අවශ්‍ය registry location එක තෝරාගන්නටත් ඔබට පුළුවන්. ඔබට තියෙන්නේ එයට ඉස්සරහින් ඇති search button එක ක්ලික් කරන එක පමණයි. Search වී අවසන් උණු පසු ඔබට ඉහත රූපයේ පරිදි සියලුම serial keys දැකගැනීමට පුළුවන්.
ඉතින් මෙය download කරගැනීමට පහත තිබෙන facebook like box එකේ ඇති “Like” button එක ක්ලික් කර ලයික් එකක් දමා download link එක ලබාගන්න.
මෙම මෘදුකාංගය windows 95 වලින් පසු ආ ඕනෑම windows මෙහෙයුම් පද්දතියක් සමග ක්‍රියාත්මක වන අතර, තවද එය portable application එකක් වන බැවින් ඔබට ඔබේ pen drive එකක දමාගෙන උවද ඕනෑම තැනකට ගෙනයාමට පුළුවන්.
දැන් ඉතින් හදිසියේ ඔබේ serial keys එහෙම නැති උනොතින් emial check කරන්නවත්, serial keys ලියලා තිබුන තැන් හොයා හොයා වද වෙන්න ඕනේ නැහැනේ.. :P ඒ වගේම මෙය බාවිතා කරලා අනුන්ගේ පරිගණකවල install කරලා තියෙන softwares වල serial keys එහෙම උස්සනවා නෙවෙයි! ඔන්න කියුවා. :D
ඉතින් මෙය ඔබට වැදගත් උනා නම්, රත්තරන් හා වටිනා ඔබේ කාලයෙන් පුංචි තප්පර කිහිපයක් අරගෙන මෙය මිතුරන් අතරේ share කරන්න. ඒ වගේම ඔබේ අදහස් කියන්න අමතක කරන්නත් එපා. අඩුම ගානේ පොඩි “තෑන්ක්ස්” පාරක්වත්. :D

No comments:

Help World